ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරේ.​ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු වලින් ආරක්ෂා වන ලෙස ජනතාවට අවවාද කර ඇත. මීට අමතරව, අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,370

Leave A Reply

Your email address will not be published. Required fields are marked *