සිංහල භාෂාවට හා සම්භාව්‍ය සාහිත්‍ය ක්ෂේත්රයට අසමසම මෙහෙවරක් ඉටුකළ අග්‍රගණ්‍ය පඬිවරයකු වූ රාජකීය පණ්ඩිත සිරි තිලකසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පැරණි සිංහල සාහිත්‍යය සහ ව්‍යාකරණ ග්රන්ථ නූතන පරපුරට සරලව අධ්‍යයනය කළ හැකි පරිදි සංස්කරණය කිරීමට එතුමාගෙන් සුවිශේෂී දායකත්වයක් හිමිවිය.ගුත්තිල කාව්‍යය, බුත්සරණ, අමාවතුර, කවි සිළුමිණ, සංදේශ කාව්‍යයන් ඇතුළු සම්භාව්‍ය කෘති රැසක් පිළිබඳ විචාර හා සංස්කරණ එළිදැක්වූ එතුමාගේ ‘සිංහල වියරණ විධි’ කෘතිය වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛ පරිශීලන ග්රන්ථයක් ලෙස සැලකේ.එසේම, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය ජේ.බී. දිසානායක සහ මහාචාර්ය විමල් ජී. බලගල්ල වැනි ප්රමුඛ විද්වතුන් සමඟ එක්ව සිංහල ව්‍යාකරණ ක්ෂේත්රයේ පෝෂණය වෙනුවෙන්ද එතුමා සක්‍රීයව කටයුතු කර තිබේ.

























