ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ (CHOGM 2026) විධායක සැසිය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය. මෙම සමුළුවේදී සාමාජික රටවල් අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව ශක්තිමත් කරගනිමින් පොදු අභියෝගවලට මුහුණදීම පිළිබඳව රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවී ඇත.මෙහිදී වෙළඳ හා ආයෝජන කටයුතු පුළුල් කිරීම, පෞද්ගලික අංශයේ දායකත්වය ඉහළ නැංවීම මෙන්ම සාධාරණ ගෝලීය ආර්ථික වටපිටාවක් නිර්මාණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය පද්ධති අතර සම්බන්ධීකරණයක් පැවැතීමේ වැදගත්කම සාකච්ඡා විය. එසේම අවදානම් සහිත රටවලට දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබාගැනීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි.මීට අමතරව, පොදුරාජ්‍ය මණ්ඩලයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් තරුණ පරපුරේ දායකත්වය සක්‍රීයව ලබාගැනීමේ අවශ්‍යතාව මෙන්ම, ඔවුන්ගේ කුසලතා වර්ධනය හා ව්‍යවසායකත්ව අවස්ථා ඉහළ නැංවීම කෙරෙහිද මෙහිදී රාජ්‍ය නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.

























