​‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ ජන රැලි දෙකක් අද

​‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ පැවැත්වෙන මහජන රැලී මාලාවේ තවත් ජන රැලි දෙකක් අද (11) නිකවැරටිය සහ ගොකරැල්ල යන නගරවලදී පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබේ.​ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු ජන රැලිය අද පස්වරු 1.00ට නිකවැරටිය නගරයේදී ආරම්භ වන අතර, දෙවන රැලිය පස්වරු 3.00ට ගොකරැල්ල නගරයේදී පැවැත්වීමට නියමිතය.​මෙම ජන රැලි ද්විත්වය සඳහා විශාල ජනකායක් සහභාගී වනු ඇතැයි සංවිධායක මණ්ඩලය විශ්වාසය පළ කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *