ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පැය 5කට පමණ පසු ඉන් පිටව ගොස් තිබේ.සුප්‍රීම් සැට් (SupremeSAT) චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.



























