දුම්මලසූරිය පොලිස් වසමේ නැවකඩ ප්රදේශයේ පුද්ගලික ඉඩමක පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබේ. දුම්මලසූරිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කැණීම් උපකරණ ද සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට පත් වූවන් අවුරුදු 56, 58, 64 සහ 71 යන වයස්වල පසුවන පුද්ගලයින් වන අතර ඔවුන් උඩුබද්දාව, උහුමීය, බංගදෙණිය සහ කලුගමුව යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.



























