පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මින්නේරිය පොලිසිය සඳහන් කළ පරිදි, මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (10) අලුයම 4.45ට පමණ මෙම අනතුරට මුහුණ දී තිබේ.අදාළ බස් රථය මින්නේරිය හතේ කණුව දේවාල වංගුව ප්‍රදේශයේදී පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇළකට පෙරළී ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත. අනතුරින් තුවාල ලැබූ මගීන් වහාම ප්‍රතිකාර සඳහා හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.මෙම වංගු ප්‍රදේශය තුළ මීට පෙරද නිතර රිය අනතුරු සිදුවී ඇති අතර, මෙම නවතම අනතුරට නිශ්චිත හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මින්නේරිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.


























