බොරලැස්ගමුව වෙඩි තැබීමේ සිද්ධියට ආධාරකරු අත්අඩංගුවට

බොරලැස්ගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා සිදු කළ ඝාතනයකට ආධාර සහ අනුබල ලබා දුන් සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.​පසුගිය සැප්තැම්බර් 04 වන දින මාලනි බුලත්සිංහල මාවතේදී සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර, එහිදී මාකුඹුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරු කොටු කරගෙන තිබේ.​ගොඩගම, හෝමාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *