දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටියි.මීට අමතරව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් දක්නට ලැබෙන බවද කාලගුණ අංශ දැනුම් දෙයි.


























