මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු සමඟ සමීප දුරකථන සබඳතා පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ සැකකරු බන්ධනාගාරය තුළ පරිහරණය කළ ජංගම දුරකථනයක් සොයාගැනීමෙන් පසු මෙම විමර්ශනය ආරම්භ වූ බවයි. එහි දත්ත විශ්ලේෂණය කිරීමේදී මන්ත්‍රීවරයා සහ සැකකරු අතර අවස්ථා 53 කදී දුරකථන ඇමතුම් හුවමාරු වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර, එහි මූලික පියවරක් ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයා කැඳවා මෙලෙස දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ.



























