ගෝලීය වශයෙන් සිදුව ඇති සේවා බිඳවැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරයි. සම්බන්ධතා ගැටලුවක් හේතුවෙන් ඊයේ සිට මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Teams) සහ අවුට්ලුක් (Outlook) ඇතුළු සේවාවන් රැසකට බාධා එල්ල වී ඇති අතර, රටවල් 74ක දස දහස් ගණනක පරිශීලකයින් පිරිසක් ඉන් පීඩාවට පත්ව සිටිති.ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් මයික්‍රොසොෆ්ට් යෙදුම් භාවිත කරන අතර, මෙම තාක්ෂණික දෝෂය සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවක් වීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත.



























