සංජය සමරසිංහට ඇප – විදේශ ගමන් තහනම්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම් සංජය සමරසිංහ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.​ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව තහනම් කිරීමට ද පියවර ගත්තේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.​ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (19) දින අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී සංජය සමරසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,388

Leave A Reply

Your email address will not be published. Required fields are marked *