නල්ලතන්නියේ සිට මස්කෙළිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පාලනය කරගත නොහැකි වීමෙන් මෝහිනී ඇල්ල ප්‍රපාතයට පතිත වීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.මෙම අනතුර වන අවස්ථාවේදී අදාළ වාහනය තුළ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සතර දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.තුවාල ලැබූ දරුවන් දෙදෙනා වහාම රෝහල්ගත කර ඇති අතර, සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.























