වත්මන් රජය යටතේ කිසිදු අයෙකු නීතියට ඉහළින් නොමැති බවත්, ජනාධිපතිවරයා, ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. අකුරැස්සේ පැවති ජනරැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමට රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් ඊට සම්බන්ධ පාර්ශ්වයන් රජයට එරෙහිව පෙළගැසීමට උත්සාහ දරමින් සිටින බව හෙතෙම සඳහන් කළේය. නඩු විභාග කඩිනම් කර ප්‍රමාදයකින් තොරව දඬුවම් ලබා දීම හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය තවදුරටත් තහවුරු කළ හැකි බවත්, මෙරට ඉතිහාසයේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙකු අධිකරණය හමුවට පමුණුවා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



























