ඉන්ධන මිල ස්ථාවරව තබා ගැනීමට රජයෙන් සහනාධාරයක් – ජනාධිපති

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්වීම් මත ඉදිරි පළමුවැනිදා වන විට මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීමට සිදු වුවද, පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීම පිණිස දිගටම සහනාධාර ලබා දී මිල පාලනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අකුරැස්සේ පැවති ජනරැළියක් අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.​පසුගිය අප්‍රේල්, මැයි, ජුනි සහ ජූලි යන මාස හතර තුළ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100 බැගින් ආණ්ඩුව විසින් සහනාධාරයක් ලබා දුන් බවත්, එම කටයුත්ත වෙනුවෙන් රජයට රුපියල් කෝටි 6000ක මුදලක් වැය වූ බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,341

Leave A Reply

Your email address will not be published. Required fields are marked *