රාගම වෙළඳසැලකදී කාන්තාවකගේ හිසකෙස් කැපූ සේවිකාවන් පස්දෙනා රිමාන්ඩ්!

රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකට අඩන්තේට්ටම් කරමින් ඇගේ හිසකෙස් බලහත්කාරයෙන් කැපීමේ සිද්ධියට සම්බන්ධ සැකකාරියන් පස්දෙනා ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ වයස අවුරුදු 20ත් 27ත් අතර පසුවන රාගම, කඩවත, රාජාංගනය සහ චීනවරාය යන ප්‍රදේශවල පදිංචි වෙළඳසැල් සේවිකාවන් පිරිසකි.​පසුගිය අප්‍රේල් 07 වනදා සිදුව ඇති මෙම පුවත ආන්දෝලනයට තුඩු දුන්නේ අදාළ කාන්තාව වෙළඳසැලෙන් භාණ්ඩ සොරාගත් බවට චෝදනා කරමින් ඇයට වධහිංසා පමුණුවන ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ (17) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟය. නීතිය අතට ගනිමින් සිදුකළ මෙම අමානුෂික ක්‍රියාව සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් විමර්ශන පවත්වා සැකකාරියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.​මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් මෙහෙයවනු ලබයි. සැකකාරියන් පිරිස ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,102

Leave A Reply

Your email address will not be published. Required fields are marked *