පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ හෙට (19) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දන්වා සිටී.මෙම අධික උෂ්ණත්වය නිසා සිරුරට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීමට නම්, නිරන්තරයෙන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම සහ හැකිතාක් සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, එළිමහනේ සිදුකරන දැඩි වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ශරීරයට පහසුවක් ගෙන දෙන සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතයට හුරුවන ලෙසත් සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.විශේෂයෙන්ම වැඩිහිටියන්, රෝගී පුද්ගලයන් සහ කුඩා දරුවන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළ යුතුය. කිසිදු විටෙක කුඩා දරුවන් සංවෘත වාහන තුළ තනි කර නොයෑමට වගබලා ගත යුතු අතර, දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම සහිතව කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය මඟින් ඇතිවන අහිතකර බලපෑම් අවම කරගත හැකිය.
























