වර්තමාන ආණ්ඩුව රටේ අධිකරණ පද්ධතියේ පවතින ස්වාධීනත්වය විනාශ කිරීමට දැඩි උත්සාහයක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. ඊයේ (29) මාධ්‍යවේදීන් මතු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, රටේ නීතිය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට බැඳී සිටින රජයම අද වන විට එම ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් කටයුතු කරන බවයි.ආණ්ඩුවේ වත්මන් දේශපාලන ක්‍රියාකලාපය සහ විවිධ අර්බුද හමුවේ ඔවුන් හැසිරෙන ආකාරය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, පවතින තත්ත්වය උපහාසයට ලක් කරමින් කියා සිටියේ වත්මන් පාලනය “හොරාගේ අම්මගෙන් පේන අසන” ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. රජය විසින් ගනු ලබන මෙවැනි තීරණ හේතුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය බිඳවැටීමේ අවදානමක් පවතින බව ද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



























