CORDELIA EMPRESS මගී නෞකාව කොළඹ වරායට

සංචාරකයින් 1,600ක් සහ කාර්ය මණ්ඩලයේ 588 දෙනෙකු රැගත් ‘CORDELIA EMPRESS’ මගී නෞකාව අද (26) උදෑසන කොළඹ වරායට පැමිණියේය. මීටර් 210ක දිගකින් සහ මහල් 11කින් සමන්විත මෙම නෞකාවේ මගී කාමර 796ක් පිහිටා ඇති අතර, පැමිණි සංචාරකයින්ගෙන් 90%ක් පමණ ඉන්දීය ජාතිකයන් වේ.​නෞකාවේ පැමිණි පිරිස අද දිනයේදී කොළඹ, පින්නවල සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. 2026-2027 සංචාරක සමය වෙනුවෙන් මෙම නෞකාව ලබන දෙසැම්බර් 17, 24 සහ 31 යන දිනවලදී ද යළිත් කොළඹ වරායට පැමිණීමට සැලසුම් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *