විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකු සෞඛ්‍ය සේවයට එක්කර ගැනීමට පියවර

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ පවතින සේවක හිඟයට පිළියමක් ලෙස විද්‍යාවේදී හෙද (B.Sc. Nursing) උපාධිධාරීන් 515 දෙනෙකු සක්‍රීය සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මොවුන් සියලු දෙනාම තමන්ට අදාළ හෙද අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව සාර්ථකව නිම කළ පිරිසක් වන අතර, මෙම නව බඳවා ගැනීම් හරහා රෝගී සත්කාරක සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි.​උපාධිධාරී හෙද නිලධාරීන් සතු සුවිශේෂී වෘත්තීය දැනුම සහ නවීන තාක්ෂණික පුහුණුව සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්වීම, සමස්ත නිදහස් සෞඛ්‍ය සේවාවේම ගුණාත්මකභාවය ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇත. මෙමගින් රජයේ රෝහල්වල කාර්යක්ෂමතාව වර්ධනය වනවා මෙන්ම මෙරට සෞඛ්‍ය පද්ධතියේ කැපී පෙනෙන ප්‍රගතියක් ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *