විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරියක් පත්කෙරේ

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ ඇත. ඊට අදාළ නිල පත්වීම් ලිපිය ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.​ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන ආචාර්ය රෝෂණී දිසානායක මහත්මිය, මීට පෙර රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසද සේවය කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,361

Leave A Reply

Your email address will not be published. Required fields are marked *