විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ ලේබල් යටතේ සන්ධානගත වීමට දරන උත්සාහයන් තමන්ට කිසිසේත්ම අභියෝගයක් නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනතාව විසින් දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති, විනාශයට පත්වූ දේශපාලන කල්ලි මෙලෙස එක්වීම පලක් නොමැති ක්‍රියාවක් බව පෙන්වා දෙන ඒ මහතා, මෙය හුදෙක් විසිරී ගිය පිරිස් නැවත ඒකරාශී වීමට දරන අසාර්ථක උත්සාහයක් බව දැඩි ලෙස අවධාරණය කළේය.මෙම කණ්ඩායම් කෙතරම් වෙස්වලාගෙන පැමිණියද බුද්ධිමත් ජනතාව නැවත ඔවුන්ට නොරැවටෙන බවත්, වත්මන් විපක්ෂය අභ්‍යන්තර අර්බුද හමුවේ දේශපාලනිකව අසරණ වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. රටේ සැබෑ වෙනසක් පතන ජනතාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතින බැවින්, මෙවැනි අස්ථාවර කණ්ඩායම්වල එකතුවීම් පිළිබඳව කිසිදු කලබලයක් ඇති කරගත යුතු නැති බව හෙතෙම කියා සිටියි.

























