ශ්‍රී ලංකා වාසීන්ට අද රාත්‍රියේ ඩෙල්ටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව දැකගැනීමේ අවස්ථාව

මෙම වසරේ ප්‍රධාන අභ්‍යාවකාශ සංසිද්ධියක් වන ‘ඩෙල්ටා ඇක්වාරිට්ස්’ (Delta Aquariids) උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රී කාලයේ සහ හෙට (30) අලුයම ශ්‍රී ලංකාවට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ සහ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. කුම්භ තාරකා රාශියේ ඩෙල්ටා තාරකාව ආශ්‍රිතව හටගන්නා මෙම අපූරු දර්ශනය මෙරට ජනතාවට රාත්‍රිය පුරාම අත්විඳීමට අවස්ථාව ලැබී ඇත.​මෙම ස්වභාවික සංසිද්ධිය හරහා කිසිදු බාධාවකින් තොරව පැයකට උල්කාපාත 20ත් 25ත් අතර ප්‍රමාණයක් අහසේ දිස්වනු ඇතැයි අපේක්ෂිතය. නගරයේ ආලෝක ප්‍රමාණය අවම, අඳුරු සහ පැහැදිලි වටපිටාවක සිටීමෙන් මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් නරඹා රස විඳීමට හැකියාව ලැබෙනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *