හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (25) උදෑසන තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.පසුගිය 18 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසළ පැවති උත්සවයකදී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වීරවංශ මහතා අද පෙරවරුවේ තලංගම පොලිසිය වෙත කැඳවා තිබුණි.එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් ඔහුව පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ. ඒ අනුව, පොලිස් අත්අඩංගුවට පත් වූ විමල් වීරවංශ මහතාව වැඩිදුර නීතිමය කටයුතු සඳහා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇත.මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තලංගම පොලිසිය විසින් පවත්වනු ලබයි. අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් පසු ඉදිරි පියවර ගනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.



























