වියට්නාම සාම දූත පිරිසට අනුරාධපුරයෙන් සුවිශේෂී ධර්ම පඬුරක්

වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙරට සංචාරය කරන භික්ෂූන් වහන්සේලා 13 නමකින් සමන්විත සාම දූත පිරිස ඊයේ (21) අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්හ. මෙම සුවිශේෂී සංචාරය සනිටුහන් කරමින්, අටමස්ථානාධිපති නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පූජනීය බෝධි අංකුරයක් වියට්නාම දූත පිරිස වෙත උත්තමාචාර පූර්වකව පරිත්‍යාග කරනු ලැබීය.​ලෝක සාමය උදෙසා ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට රජයේ පූර්ණ ගෞරවය එක් කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන මෙම පුණ්‍ය මහෝත්සවය, දෙරටේම ආගමික සහජීවනය විදහා පෑ අමතක නොවන අවස්ථාවක් බවට පත් විය.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *