හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇප මත මුදා හැරේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ. එහිදී රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත ඔහුව නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේය.​මෙම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (21) දින ඔහු සිය පවුලේ සාමාජිකයන් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදීය. එහිදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති අතර, එහිදී මන්ත්‍රීවරයා විසින් ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට තර්ජනය කළ බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.​අගතියට පත් පාර්ශවය විසින් කරන ලද මෙම පැමිණිල්ල විමර්ශනය කළ නුවරඑළිය පොලිසිය විසින් හිටපු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *