වෛද්‍ය දෙවීනා නවීක්ෂි ‘මිස් අවුරා’ ජාතික ඇඳුම් කිරුළ සමඟ දිවයිනට

තුර්කියේදී පැවති 2026 ‘මිස් අවුරා ඉන්ටර්නැෂනල්’ (Miss Aura International) රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූ වෛද්‍ය දෙවීනා නවීක්ෂි, තරගාවලියේ හොඳම ජාතික ඇඳුමට හිමි කිරුළ දිනාගැනීමට සමත් විය. ලොව පුරා රටවල් 40ක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේදී, ඇය වඩාත් දක්ෂ ලෙස සිය දක්ෂතා විදහා දක්වමින් අවසන් විසිදෙනා අතරට (Top 20) ද තේරී පත්වීම විශේෂත්වයකි.​වෘත්තියෙන් වෛද්‍යවරියක වන ඇය, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කරයි. වෘත්තීය දිවියේ කාර්යබහුලත්වය මධ්‍යයේ වුවද, රූපලාවන්‍ය තරගාවලියක් තුළ ජාත්‍යන්තර ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ඇය සමත්වීම මෙරටට ලැබුණු ගෞරවයක් ලෙස බොහෝ දෙනා අගය කරති.​මෙම ජයග්‍රහණයෙන් අනතුරුව වෛද්‍ය දෙවීනා නවීක්ෂි පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා යළිත් දිවයිනට පැමිණියාය. ඇය ලැබූ මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකීය නිරූපණ ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,157

Leave A Reply

Your email address will not be published. Required fields are marked *