ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දීර්ඝ කාලයක සිට මුහුණ දුන් රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දෙමින්, දෙරට අතර අත්සන් තැබූ අන්‍යෝන්‍ය වශයෙන් රියදුරු බලපත්‍ර පිළිගැනීමේ ගිවිසුම මේ මස සිට නිල වශයෙන් බලාත්මක කර ඇත. විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශ එක්ව සිදු කළ සාර්ථක රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික කටයුතු ද මේ වන විට සම්පූර්ණ කර තිබේ.මෙම නව එකඟතාවයට අනුව, ඉතාලිය තුළ වසර 6කට නොඅඩු කාලයක් පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මෙරට රියදුරු බලපත්‍රය ඉතාලි බලපත්‍රයක් බවට පරිවර්තනය කර ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඒ සඳහා කිසිදු ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයකට පෙනී සිටීමට අවශ්‍ය නොවීමයි. එමඟින් පදිංචිකරුවන්ට අනවශ්‍ය ප්‍රමුඛතාවලින් මිදී පහසුවෙන් සිය රියදුරු බලපත්‍රය ලබා ගැනීමට මඟ පෑදී ඇත.මෙම ක්‍රියාවලිය බලාත්මක වීමත් සමඟ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තීය අවස්ථා සහ රැකියා වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එරට ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් සපයන ලාංකික ප්‍රජාවගේ සුබසාධනය උදෙසා ගත් මෙම පියවර, දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද ඉවහල් වනු නොඅනුමානය.
























