NDB බැංකු වංචාවේ සැකකරුවන්ගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර

ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති බව කියන දැවැන්ත මූල්‍ය වංචාවකට අදාළ නඩු දෙකක් අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලහිරු හර්ෂණ, පැතුම් කොතලාවල, කෝසල තරංග සහ මොහොමඩ් ඉන්හමුල් හෂාන් යන සැකකරුවන් සිව්දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝධරගම මහතා විසින් අවසර ලබා දී තිබේ.​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් අදාළ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා ඇත. අධිකරණය ලබා දුන් නියෝගය අනුව විමර්ශන නිලධාරීන්ට බන්ධනාගාරය වෙත ගොස් සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන පුළුල් විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 1,119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *