ශ්‍රී ලංකා – එංගලන්ත තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද

එංගලන්තය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය මැන්චෙස්ටර් නුවරදී අද (19) පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විටත් තරග 2ට 0ක් ලෙස එංගලන්තය ජයගෙන ඇති බැවින්, ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අභිමානය රැක ගැනීම සඳහා අද තරගය අතිශයින් තීරණාත්මක වේ.​මේ අතර, එංගලන්තයට ගොස් නොමැති ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ඊයේ දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් ඉදිරි එක්දින තරගාවලිය සඳහා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,354

Leave A Reply

Your email address will not be published. Required fields are marked *