ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් නඩු

හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.​පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වසර දෙකක කාලයක් සඳහා එම ධුරයට පත්කළ බව පවසන ඒ මහතා, කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ නිසි විධිමත් ක්‍රියාපටිපාටියකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් තාවකාලිකව තමන්ව ධුරයෙන් ඉවත් කර ඇති බව පෙන්වා දෙයි. මෙම අසාධාරණ ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔහු රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,356

Leave A Reply

Your email address will not be published. Required fields are marked *