ප්‍රදේශ කිහිපයකට වැසි සහ ප්‍රබල අකුණු අවවාදයක්

දිවයිනේ පළාත් කිහිපයකට අද (13) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලට මෙන්ම, වවුනියාව, මන්නාරම, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ද මෙම කාලගුණ තත්ත්වය තවදුරටත් බලපෑ හැකිය.​අද පෙරවරු 10.00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 10.00 දක්වා වලංගු වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වීමේ වැඩි අවදානමක්ද පවතී.​අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු හා හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ අංශ විසින් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,331

Leave A Reply

Your email address will not be published. Required fields are marked *