පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් අභියෝගයට ලක් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සල්ලේ විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා අගෝස්තු මස 25 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලුණු අතර, එහිදී කරුණු තහවුරු කිරීම සහ වැඩිදුර ඉදිරිපත් කිරීම් සඳහා එදින නඩුව යළි කැඳවීමට නියම විය.



























