සෞඛ්‍ය කාර්ය සහායකයින් 436කට අද පත්වීම් ලිපි

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස පවත්වාගෙන යාමේ අරමුණින් සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11) සිදු කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ටවර් පරිශ්‍රයේදී අද පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.​රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිරවීම වෙනුවෙන් සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණිය සඳහා අදියර තුනක් යටතේ පුද්ගලයින් 1,989 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.​මෙලෙස අද දිනයේ පත්වීම් ලිපි ලබා දෙන්නේ, එම බඳවාගැනීම් අතුරින් සේවයට වාර්තා නොකළ, පත්වීම් භාර නොගත් හෝ සේවය අතහැර ගිය පිරිස නිසා ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *