එළඹෙන මැයි 28 වැනිදාට යෙදෙන හජ්ජි උත්සවය ඉස්ලාම් බැතිමතුන්ට සාමකාමීව සැමරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත. උත්සව දිනයේදී සිදු කෙරෙන විශේෂ යාඥාවන් සහ ආගමික කටයුතු වෙනුවෙන් ප්‍රධාන මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර, බැතිමතුන්ට කිසිදු බාධාවකින් තොරව තම ආගමික කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙහි අරමුණයි.මීට අමතරව බැතිමතුන් බහුලව ගැවසෙන නගර ආශ්‍රිතව සහ වැදගත් ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් නිලධාරීන් යොදවා තිබේ. ජංගම රථ, පාමුර සංචාර මෙන්ම යතුරුපැදි සංචාර මගින් නිරන්තර විමසිල්ලෙන් පසුවීමටත්, අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා බුද්ධි නිලධාරීන් රාජකාරියේ යෙදවීමටත් පොලීසිය පියවර ගෙන ඇත. විශේෂ රථවාහන සැලැස්මක් ඔස්සේ ගමනාගමන කටයුතු ද විධිමත් කිරීමට කටයුතු යොදා තිබේ.



























