සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘හඳපාන්ගොඩ හඳයා’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සොරකම් කරන ලද ත්‍රීරෝද රථ පහක් සමඟ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝමාගම, කටුවාන ප්‍රදේශයේදී සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 යි මිලිග්‍රෑම් 830 ක් පොලිස් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා දීර්ඝ කාලයක සිට අපරාධවලට සම්බන්ධ අයෙකු බව අනාවරණය වී ඇති අතර, ඔහුට එරෙහිව විවිධ අධිකරණවල දැනටමත් නඩු 28ක් පවතින බව විමර්ශනවලදී හෙළි විය. ඔහුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන පෞද්ගලික බැංකු නිලධාරියෙකු ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත අතර, සොරාගත් ත්‍රීරෝද රථ ජාලය සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය පිළිබඳව පුළුල් විමර්ශනයක් හෝමාගම පොලිසිය මගින් ක්‍රියාත්මක කරනු ලබයි. මත්ද්‍රව්‍ය ජාවාරමට බැංකු නිලධාරීන් සම්බන්ධ වීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඇත.

























