ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා පසුගිය අප්‍රේල් 19 සිට 20 දක්වා ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරය හරහා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් විය. මෑත කාලීනව දෙරටේ රාජ්‍ය නායකයන් අතර පැවති ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරුවල අඛණ්ඩතාවක් ලෙස මෙම සංචාරය වැදගත් වන අතර, එහිදී උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ආර්ථික, බලශක්ති සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. විශේෂයෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් කඩිනම් සහාය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්විය.මෙම සංචාරය අතරතුර කලාපීය සහයෝගීතාව ඉලක්ක කරගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකටම අත්සන් තැබුණු අතර, ශ්‍රී ලංකාව නිල වශයෙන් ‘ජාත්‍යන්තර මහා බළල් සන්ධානයට’ (IBCA) එක්වීම ද විශේෂත්වයකි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පිරිනැමූ රාජ්‍ය භෝජන සංග්‍රහයකට එක්වූ ඉන්දීය දූත පිරිස, කොළඹ ගංගාරාම විහාරය සහ කදිරේසන් කෝවිල වැනි ආගමික ස්ථානවල වන්දනාමාන කළහ. නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරත වූ උප ජනාධිපතිවරයා එහිදී ඉන්දීය ආධාර යටතේ ඉදිකළ නිවාසලාභීන් හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමට ද අමතක නොකළේය.මෙම ඉහළ පෙළේ සාකච්ඡා සඳහා ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය එස්.පී. සිං බාගෙල් ඇතුළු දූත පිරිසක් එක්ව සිටි අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය විජිත හේරත්, ආචාර්ය අනිල් ජයන්ත සහ සුනිල් කුමාර ගමගේ යන මහත්වරුන් සහභාගී වූහ. ධීවර ගැටලුවට තිරසාර විසඳුම් සෙවීම සහ පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, මෙම සංචාරය ඉන්දු – ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරු කිරීමට මහෝපකාරී විය.

























