හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බව ඔහුගේ පාර්ශ්වය පවසයි. කෙසේ වෙතත්, ඔහු දැඩි ලෙස අසනීප වී සිටින බවට හෝ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවට පැතිර යන වාර්තා ඔහුගේ කණ්ඩායම විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.​වයස අවුරුදු 80ක් වන හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බවත්, කිසිදු බරපතල සෞඛ්‍ය ගැටළුවක් නොමැති බවත් ඔහුගේ කණ්ඩායමේ ආරංචි මාර්ග තහවුරු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *