හෙට ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාළගුණයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නව උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.​ඒ යටතේ වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට ඉදිරි දිනයේදී මෙම බලපෑම වැඩිපුර දැනෙනු ඇති බව සඳහන් වේ.​එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය විශේෂ අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බැවින් ජනතාව අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,282

Leave A Reply

Your email address will not be published. Required fields are marked *