හෙට සිට හැඳුනුම්පත් සේවාවන් යළි සාමාන්‍ය පරිදි!

පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලුම මහජන සේවා හෙට (20) සිට යළි ආරම්භ කෙරේ. පසුගිය 17 වනදා සිට මෙම සේවාවන් ඇනහිට තිබූ අතර, මේ වන විට පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කරයි.​ඒ අනුව, මහජනයා දැඩි ලෙස අපේක්ෂා කරන එක්දින සේවාව ඇතුළු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සියලුම වැඩකටයුතු හෙට සිට පෙර පරිදිම ක්‍රියාත්මක වනු ඇත. බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ජනතාවට හෙට දිනයේ සිට සිය අවශ්‍යතා බාධාවකින් තොරව ඉටු කරගත හැකි බව නිවේදනය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,103

Leave A Reply

Your email address will not be published. Required fields are marked *