ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවට අභිමානයක් එක්කරමින්, හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මෑතකාලීනව ඔහු ප්‍රදර්ශනය කළ අතිවිශිෂ්ට දක්ෂතාවන් මෙම සුවිශේෂී ප්‍රගතියට මූලික වී තිබේ.ප්‍රසාද ලකුණු 1273ක් හිමිකර ගනිමින් මෙම ජයග්‍රහණය අත්කර ගෙන ඇති රුමේෂ්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක මට්ටමේ ඉහළම ශ්‍රේණිගත කිරීමක් සනිටුහන් කළ ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාසයට එක්වේ. මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අතර දැනටමත් දැඩි උද්යෝගයක් නිර්මාණය වී ඇත.

























