අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2026 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සූදානම් කර ඇත. පාසල් අයදුම්කරුවන් සඳහා අදාළ ප්‍රවේශ පත්‍ර පාසල් විදුහල්පතිවරුන් වෙත ද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ නිල ලිපිනයන්ට ද තැපැල් මඟින් යැවීමට නියමිතය.මීට අමතරව, විභාගය ආරම්භ වීමට දින 7කට පෙර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ පහසුකම් ද සලසා දී ඇත. වැඩිදුර විමසීම් සඳහා ක්ෂණික දුරකථන අංක 1911 හෝ 0112785922, 0112784537, 0112786616, 0112784208 යන අංකවලින් මෙන්ම [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ ද දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැක.



























