මෙවර යල කන්නය සඳහා වී මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 7,500ක අරමුදල් වෙන් කරවා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී සාර්ථකව සම්මත කරගෙන තිබේ.කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් මෙම අදාළ ඇස්තමේන්තුව සභාගත කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් පැවති කෙටි විවාදයකින් අනතුරුව එය අනුමත විය.ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ මූල්‍යමය පහසුකම් සලසා දීම අරමුණු කරගනිමින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.



























