2027 අයවැයෙන් වෛද්‍ය සහ හෙද දීමනා ඉහළ නැංවීමට යෝජනා

2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා මගින් වෛද්‍ය නිලධාරීන්ගේ DAT දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමටත්, හෙද ඇතුළු සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විශේෂ රාජකාරි දීමනා දෙගුණ කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනා කර තිබේ.​ඒ අනුව, වෛද්‍යවරුන්ට මෙතෙක් ගෙවූ රුපියල් 70,000ක DAT දීමනාව රුපියල් 95,000 දක්වා වැඩි කෙරෙනු ඇත. මීට අමතරව පරිපූරක, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි මාසික විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට 12,000 දක්වාත්, අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ දීමනාව රුපියල් 2,000 සිට 4,000 දක්වාත් ඉහළ දැමීමට නියමිතය.​සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කරන මෙම දීමනා වැඩි කිරීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු 50% කොටස 2027 ජූලි මාසයේ සිට ද ඉතිරි 50% 2028 වසරේදී ද ගෙවීමට පියවර ගැනේ.

What's your reaction?

Related Posts

1 of 1,420

Leave A Reply

Your email address will not be published. Required fields are marked *