22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

දේශපාලන හා නීතිමය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ තීරණාත්මක පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ විය.​මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක අවශ්‍යතාවක් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් එය සම්මත කර ගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දැනුම් දී ඇත.​ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද ලබා ඇති මෙම පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය අද සහ හෙට දිනවල පවත්වන අතර, හෙට පස්වරුවේ ඒ සඳහා ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,346

Leave A Reply

Your email address will not be published. Required fields are marked *