ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොට එක්වෙයි

ලොව සුප්‍රකට 'ට්‍රිප් ඇඩ්වයිසර්' (Tripadvisor) ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ආසියාවේ හොඳම වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවේ මිරිස්ස සහ බෙන්තොට වෙරළ තීරයන් තේරී පත්වී ඇත. සංචාරකයින්ගේ ඉහළම ඇගයීමට ලක්වන ස්ථාන සඳහා පිරිනමනු ලබන

සුළි කුණාටුවෙන් පීඩිත ලාංකිකයන් ලක්ෂ දෙකකට අධික පිරිසකට එක්සත් ජාතීන්ගේ සහන

සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් දියත් කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) යටතේ පුද්ගලයින් 240,000 කට අධික පිරිසකට සහන සලසා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරයි. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි 2025 දෙසැම්බර් 11 වන දින ආරම්භ කරන ලද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන තරගාවලිය එළඹෙන මාර්තුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී

​ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් එළඹෙන 2026 මාර්තු මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී (UAE) පැවැත්වීමට නියමිතය. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සත්කාරකත්වය දරනු ලබන මෙම සංචාරය

නොරොච්චෝලයට බාල ගල්අඟුරු: සජිත්ගෙන් බරපතළ අනාවරණයක්

දකුණු අප්‍රිකාවෙන් නොරොච්චෝලයි බලාගාරය සඳහා ආනයනය කරන ලද නවවන ගල්අඟුරු නැව් තොගය ද ප්‍රමිතියෙන් තොර බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. මීට පෙර ගෙනෙන ලද නැව් තොග අටක්ම බාල වර්ගයේ ඒවා බවට සාක්ෂි සහිතව තහවුරු වී ඇති බවත්, නවතම දත්ත මගින්

බ්‍රිතාන්‍යයේ නව බදු සහනයෙන් ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට නව පණක්: අපනයන 10% කින් ඉහළට

2026 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ ලබාදී ඇති නව බදු සහන මගින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට ලැබෙන ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් සහ