කලා ඔය පාලමේ සිරවූ මගීන් 67ම නාවික හමුදාව බේරා ගනී!

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත ගංවතුරට හසුවී සිරවී සිටි බස් රථයේ මගීන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නාවික හමුදාවට අනුව, බස් රථයේ සිටි මගීන් 67 දෙනාම මුදාගෙන තිබේ. අධික වර්ෂාව හේතුවෙන් කලා ඔය

“ඇමරිකාව ශ්‍රී ලංකාව සමඟ”: ආපදා තත්ත්වය පිළිබඳව ශෝකය පල කරයි

​'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ පවතින දැඩි කාලගුණික තත්ත්වය, ගංවතුර සහ නාය යෑම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය බලවත් ශෝකය ශ්‍රී ලංකාවේ ජනතාවට පල කර ඇත. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක ටොමී පිගොට් (Tommy Pigott)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීයයි!

තාක්ෂණික ගැටලු හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රීය වී ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මේ අතර, නවතම කාලගුණ අනාවැකි ලබා ගැනීම සඳහා විකල්ප ද්වාරයක් භාවිතා කරන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ. සම්පූර්ණ සේවාව හැකි

වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වෙයි: කැප්පෙටිපොළ නාය යෑමෙන් සිරවූ මළ සිරුරු දෙකක් සොයා ගනී!

වැලිමඩ, කැප්පෙටිපොළ පොලිස් ස්ථානය ආසන්නයේ සිදුවූ නාය යෑමක් හේතුවෙන් වැලිමඩ-නුවරඑළිය මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. මේ වන විට හමුදාව සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කරමින් සිටින අතර, මේ දක්වා මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.

ගුවන් ගමන් තොරතුරු දැනගන්න BIA නව ජංගම යෙදුමක්!

ගුවන් මගීන්ට සහ සාමාන්‍ය ජනතාවට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (BIA) නවතම ගුවන් ගමන් තොරතුරු දැන් නව හඳුන්වා දුන් BIA ජංගම යෙදුම හරහා ලබාගත හැකි බව ගුවන් තොටුපළ බලධාරීහු නිවේදනය කළහ. දැනට Google Play Store හරහා Android භාවිතා කරන්නන් සඳහා ලබා