මනුෂ මතුවෙයි.

මම රට පැන්නේ නැහැ.පොඩි නිවාඩුවකට ගියේ.අපි මොකටද රටින් පැනලා යන්නේ?අපි හැමදේම හොයලා බලලා කරලා තියෙන්නේ. මගේ මල්ලි ගැන පැමිණිල්ල කළෙත් මමයි.දැන් බොරුවට මට මඩ ගහනවා.ආණ්ඩුව කියපු දේවල් කරගන්න බැරුව ඉන්නේ.සහෝදරයොත් ඉන්නව හැමදෙනාම අතේ ඇඟිලි පහ වගේ

අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි ප්‍රදේශ කිහිපයක තවදුරටත් ලැව්ගිනි පැතිර යමින් පවතිනවා.

අධික වියළි කාළගුණය සහ පවතින සුළං හේතුවෙන් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් මේ වන විට විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ලැව්ගිනි සැලකිය යුතු මට්ටමකින් පාලනය කිරීමට තවමත් හැකි වී නැහැ. පැසිෆික් පැලිසේඩ්ස් ප්‍රදේශයේ මෙතෙක් ඇති වූ විශාලතම ගින්න මෙය

විදුලි ගාස්තු සංශෝධනය පිළිබද අදහස්

බස්නාහිර පළාත් විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහසේ විමසීමේ සැසිය අද.උදෑසන 9 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු වේ.

26 හැවිරිදි අවිවාහක තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

බන්ධනාගාරයට රැගෙන ගිය ආහාර බඳුනක ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සඟවා රැගෙන යාමේ චෝදනාවට වරදකරු කෙරුණු 26 හැවිරිදි අවිවාහක තරුණයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල