ගෝලීය ලාංකික ව්‍යවසායක එකමුතුව (GLEC) වෙනුවෙන් ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායක නලින් ගුණසේකර මහතා විසින් ජපන් යෙන් මිලියන 2.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ. GLEC නිර්මාතෘ දිලිත් ජයවීර මහතා වෙත ඊයේ (25) ලබා දුන් මෙම මුදල, එහි ඩිජිටල් නිර්මාතෘ හසන්ත රත්නායක මහතා වෙත භාර දෙන ලදී.මෙම අරමුදල් ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් පුහුණු කිරීම, මූල්‍ය කළමනාකරණ දැනුම ලබාදීම සහ නව ව්‍යවසායකයින් සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් විනිවිදභාවයෙන් යුතුව යොදවන බව හසන්ත රත්නායක මහතා පැවසීය. ව්‍යවසායකත්වය තුළින් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශක්තියක් වීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කළ බව නලින් ගුණසේකර මහතා සඳහන් කළ අතර, ජපානය මෙන් රට දියුණු කිරීමට ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය බව දිලිත් ජයවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.



























