2010 වසර හා සැසඳීමේදී 2025 වසර වන විට ලෝකයේ නව HIV ආසාදිතයන් වාර්තා වීම 42%කින් පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තුළ එය 48%කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි. ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුලසේන මහත්මිය පවසන පරිදි, මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයන් 8,700ක් පමණ ජීවත් වන බවට තොරතුරු වාර්තා වී තිබේ.2025 වසරේදී පමණක් නව ආසාදිතයන් 874 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එය වසරක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සටහන් වේ. කෙසේ වෙතත්, මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව දැනුවත්ව සිටින්නේ 66%ක පිරිසක් පමණක් බවද මෙහිදී හෙළි විය.දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව රෝගය වැළැක්වීමේ ක්‍රමවේද සහ ප්‍රතිකාර සේවාවන් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ඒකකය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම දත්ත ඉදිරිපත් කෙරිණි.



























